ජපාන අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජපාන අගමැති ෂින්ෂෝ අබේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂින්සෝ අබේගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය කර ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.

සිය තීරණය පිළිබඳ පැහැදිලි කිරිම සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.

2012 වසරේදී අග්‍රාමාත්‍ය ධූරයට පත් ෂින්ෂෝ අබේ දීර්ඝ කාලයක් ධූරයේ රැඳී සිටි එරට නායකයා ලෙස සැළකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *