(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමට තීරණය කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම් පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිතයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. නව මානයකින් ලොවට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් යටතේ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි. ඒ අනුව ලබන 17 වනදා සිට කොටස් වෙළෙඳපොළේ සියලු කටයුතු ඩිජිටල්කරණය වනු ඇත.
කොවිඩ් 19 හේතුවෙන් දින 52 ක් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අඩපන වුවද සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය වූ එහි වෙළෙඳපොළ ක්‍රියාවලිය හරහා නව මුහුණුවරකින් ලොවට පිවිසිය හැකි බව සුරැකුම් පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න හා අධ්‍යක්ෂ ජෙනරාල් චින්තක මෙන්ඩිස් යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ කියා සිටියේ. ලෝකය සමඟ ගනු දෙනු කිරීමේදී මෙන්ම රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් සමඟින් සුවපහසු හා කාර්යක්ෂම සේවාවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ලබාදීම තම අරමුණ බවද ඔවුන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.