ඉන්දීය හිටපු ජනපතිගේ අභාවය වෙනුවෙන් ශෝක කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් දින 07ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ.

හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 31වනදා මියගියේය.

මියයන විට ඔහු 84 වන වියෙහි පසු වු අතර ඔහුට කොවිඩ්-19 රෝගයද වැළදී තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් ඉන්දියානු රජය විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇත.

මෙම කාලය තුළ සියලු විනොද්ස්වාද ක්‍රියාකරකම් තාවකාලික අත්හිටුවා ප්‍රාන්ත ධජ අඩකුඹු කර තබන ලෙස එරට රජය විසින් සියලු ප්‍රාන්ත වෙත දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රනාබ් මුකර්ජි හිටපු ජනාධිපතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ(01) පස්වරුවේ දිල්ලියේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *