ඊයේ දිනයට ආසාදිතයන් 43 ක්

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(01) දිනය තුළදී හඳුනාගත් සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 43 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙරටින් මේ වනතෙක් හඳුනා ගත් සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 3092 කේ බව වංසගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඊයේ පෙරවරුව වනවිට කාටාර්හි සිට පැමිණි 26 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර කුවේටහි සිට පැමිණි 06 දෙනක් හා මාලදිවයිනේ සිට පැමිණි 06 දෙනෙක්ද ආසාදිතයන් බව තහවුරු කරගෙන තිබේ.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි තිදෙනෙකුද ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ. සෙසු පුද්ගලයා මෙරටට පැමිණ ඇති ඉන්දියානු ජාතික නාවිකයෙකි.

මේ අතර 2879 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

ආසාදිතයින් 201 දෙනෙක් මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *