පහළ වායු ගෝලයේ කැළඹීමක් – දිස්ත්‍රික් කිහිපයකට නාය යාමේ අවදානම් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

ඒ,අනුව ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

ඊයේ උදෑසන 8.30 සිට අද අලුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයටයි. එම අගය මිලිමීටර් 286.5 කි.

කළුතර දිස්ත්‍රික්කයේ කෙසෙල්හේනව ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 245.5 ක් ලෙස සටහන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 13 =