ඉදිරි පැය කිහිපයේදී මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහලයාමේ අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි පැය කිහිපයේදී ගාල්ල සිට හම්බන්තොට, මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග සුළගේ වේගය පැයට කිලෝමීටර 70ත් 80ත් දක්වා ඉහලයාමේ අවදානමක් ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ හේතුවෙන් අදාල මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දීමක් කරනු ලැබේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුලගේ වේගයද විටින්විට පැයට කිලෝමීටර 50ත් 55ත් දක්වා වැඩිවීමේ හැකියාවක් ඇති අතර එම මුහුදු ප්‍රදේශද විටින්විට තරමක් රලුවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *