මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයනවා

(කොළඹ, ලංකාපුවත්) – රජයක් විදිහට මේ රටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයන බවත් රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කලුතර වියන්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ(01) පස්වරුවේ එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

2015 වර්ෂයේ අපේ රජය යන විට ලංකාවේ කුඩු සම්බන්ධ නඩු තිබුණේ 6600යි. මම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක පසුගියද සාකච්ඡා කළා. 2016 නඩු 8000 ක් වුණා. 2017 වන විට ඒ තත්වය 11000 ක් වෙලා.2018 වන විට 12000 ක් බවට පත් වෙලා.පසුගිය අවුරුද්දේ නඩු 16 දාහක් බවට පත් වෙලා තිබෙනවා. මේ අවුරුද්දේ මේ මාස කිහිපයට මේ දක්වා කුඩු සම්බන්ධ නඩු 13 දාහක් වාර්තා වෙලා තිබෙනවා.මේ තත්වයෙන් මේ රට බේරගන්න ඕන.වත්මන් රජය ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කරනවා වගේම දීර්ඝ කාලීනව මේ රට ඉදිරියට ගන්න කටයුතු කරනවා.දැන් බලන්න මැද කොළඹ උතුරු කොළඹ ගත්තහම ලංකාවේ දුප්පත්ම මිනිස්සු ටික ඉන්නේ එතනයි.ඒ අය දුප්පත්ව ඉන්න තුරු තමයි ඡන්දය දෙන්නේ.ඒ නිසා ඔබට අති ගෞරවයෙන් කියන්නේ බොරුවට අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ බියෙන් සැකෙන් තොරව ආරක්ෂිතව පරිසරයක් ඇතිව මේ රට හදන්නයි.ඒ නිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ඒ සදහා එක් වෙන්න කියලා.මේ රටේ මිනිස්සු අතර සාමය ගොඩනැගිම සියල්ලටම වඩා වැදගත් වෙනවා.මම දේශපාලනයට ආවේ ඒක කරන්නයි.මුස්ලිම් දේශපාලඥයා කියන්නේ එහෙන් මෙහෙට පනින මෙහෙන් එහෙට පනින තමන්ගේ ජාතිය ගැන විතරක් කථා කරන කෙනාට නොවෙයි.අපි මුස්ලිම් දේශපාලඥයාගේ ප්‍රතිරූපය වෙනස් කරන්න ඕන යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

අපි පසුගියදා මහනුවරට ගිහිල්ලා මහානායක ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා හමු වුණා.ඒ සියලු ස්වාමීන් වහන්සේලා කිවුවේ හැම සමාජයකම නොමග ගිය වැරදි වැඩ කරන අය අතළොස්සක් ඉන්නවා .අතීතයේ මුස්ලිම් ජනතාව සහයෝගයෙන් වැඩ කළා.ඒ නිසා අපි සහයෝගයෙන් වැඩ කළ යුතුයි කියලා උන් වහන්සේලා කිවුවා.රටක් ලෙස ඉදිරියට යන්න නම් අපි එකතු වෙලා වැඩ කරන්න ඕන.හැම ජාතියත් තුළම සියයට 99 ක්ම ඉන්නේ හොද මිනිස්සුයි.මුස්ලිම් දේශපාලඥයා යනු තමන්ගේ ජාතිය ගැන පමණක් කථා කරන කෙනෙක් නොවිය යුතුයි.ඉන්දියාව පකිස්ථානය ඇතුළු දකුණු ආසියාවේ රටවල් කොවිඩ් නිසා විනාශ වෙන කොට මුළු දකුණු ආසියාවේම ළමයින් පාසල් යවන එකම රට බවට පත් වුණේ ශ්‍රී ලංකාවයි.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දුන්න එකට සතුටු වෙන්න ඒකම ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

මම එකක් කියන්න ඕන අපි මේ රටින් මත් ද්‍රව්‍ය උවදුර තුරන් කරනවා කරනවා මයි.මේ රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරනවා.මත් ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල අපි හොයනවා.ඒකට විශේෂ බලකායක් අවශ්‍ය නම් ඒකත් හදනවා.අද තියෙන සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහන් කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්නවා.ඒ කියන්නේ සියයට 05 ක් .විසි දෙනෙක් ගෙන් එක් කෙනෙක් කුඩුවලට ඇබ්බැහි වෙලා.මේ තත්වය ඉතා භයානක තත්වයක් බවත් එම තත්වය තුරන් කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැනි ශක්තිමක් නායකයෙක්ට පමණක් බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *