20වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මූද්‍රණාලය වෙත ලැබී තිබේ.

රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය අද (03) දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *