රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට යහපත් ප්‍රතිචාර

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක ශ්‍රේණියේ නිලධරීන් හා ඖෂධ නිෂ්පාදන සැපයීමි හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර හමුවක් පසුගියදා (03) අමාත්‍යාංශයේදී පවත්වන ලදී.

එහිදී අමාත්‍යවරයා සමඟ වෛද්‍ය ක්ෂේත්‍රෙය් තිබෙන ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා කළ අතර, ඉන් අනතුරුව ඖෂධ නිෂ්පාදනය හා නියාමනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙහිදී එම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් අමාත්‍යවරයා වෙත තම සංගමයේ ඉල්ලීම් කීපයක් කෙරෙහි තම අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

ගරු අමාත්‍යවරයා එම කරුණු පිළිබදව දැඩි අවධානය යොමු කරන බවත්, එය වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවත්, මෙහිදී ප්‍රකාශ කරන ලදී.

පළමුවෙන්ම ඔවුන් ඉල්ලා සිටියේ රටතුල නගරයක් නගරයක් පාසා සුවද විලවුන් හා රූපලාවන්‍යාගාරයන් තුල පරිහරණය කරන ලද සුවද විලවුන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කිසිදු නියාමනයක් සිදු නොවන අතර, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

රටතුල ඖෂධ ලියාපදිංචි කිරීමේදී සිදු වන විශාල ප්‍රමාදය හේතුවෙන් ඖෂධ නිෂ්පාදකයින්ට මෙන්ම රෝගීන්ටද කලට වේලාවට ඖෂධ ලබා ගැනීමට නොහැකි වීම තවත් එක් නිවැරදි විය යුතු කරුණක් බව පෙන්වා දෙන ලදී. ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයද සිදු වන අතර, එම ඖෂධ පරික්ෂා කිරීම සඳහා අංග සම්පූර්ණ පරික්ෂණාගාරයක අවශ්‍යතාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, ඒ සඳහා දැනටමත් අමාත්‍යවරයා තමාගේ අවධානය යොමු කර ඇති බවත්, තවදුරටත් ඒ සඳහා මැදිහත්වීමට එකඟතාවය පලකරන ලදී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රධාන ඉල්ලීම් 03 සදහා යහපත් ප්‍රතිචාර ගරු රාජ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දෙන ලදී.

රෝහල්වල තිබෙන ඖෂධවල හිගයක් නිතරම වාර්තාවන අතර, ඒ සඳහා සංගමයේ මැදිහත්වීම තුලින් ක්‍රමවත් අඛණ්ඩ වැඩපිළිවෙලක් සකස් කොට මා වෙත ඉදිරිපත් කරන ලෙස ගරු අමාත්‍යවරයා සංගමයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී.

මෙම අවස්ථාවට මෙම සංගමයේ සභාපතිතුමා ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගි වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *