ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට ෂාරුක් ඛාන්ගෙනුත් ටීම් එකක්?

(කොළඹ, ලංකාපුවත්) –ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියට සහභාගි වන එක් කණ්ඩායමක් මිලදී ගන්නැයි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට ආරාධනා ලැබී තිබේ.

LPL තරගාවලිය කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් මීට මාස කිහිපයකට ඉහතදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් විවිධ හේතු මත එය කල්දැමීමට සිදු විය. අවසන් වරට තරගාවලිය කල්දැමීමට සිදු වූයේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙනි.

මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහෙන් ගාල්ල නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායම මේ වනවිට පකිස්තානු ජාතිකයෙකු විසින් මිලදී ගෙන තිබේ. ගාල්ල කණ්ඩායම මිලදී ගෙන තිබෙන්නෙ, පකිස්තානයේ PLS තරගාවලියේ Quetta Gladiators කණ්ඩායමේ අයිතිය හිමි පුද්ගලයා විසින් වන අතර මේ නිසා ඔහු ගාල්ල කණ්ඩායමද ගෝල් ග්ලඩියේටර්ස් නමින් නම්කර ඇත.

ෂාරුක් ඛාන් මේ වනවිටත් ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහ කැරිබියන් ප්‍රීමියර් ලීගයේ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරයි.

යම් හෙයකින් ෂාරුක් ඛාන් ලංකා ප්‍රීමියර් ලීගයේ කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් වුවහොත් එම කණ්ඩායමද නයිට් රයිඩර්ස් යනුවෙන් නම් කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *