(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද(08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අද (08) පස්වරු 1ට පාර්ලිමේන්තු රැස්වීමට ආරම්භ වීමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර මහතා මෙලෙස මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
අද දිනයේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මෙයට විරෝධනය පල කරමින් කළු සාටක පැළඳ පාර්ලිමේන්තු සභාවට පැමිණ අතර ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ කෑකෝ ගසමින් ඊට විරෝධය පල කර සිටියේය.