මාධ්‍යවේදියෙකු ලෙස පෙරට යන්න.. අනගි අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) –ජනමාධ්‍ය ක්ෂේත්‍රය යනු තරුන පරපුර වැඩි උනන්දුවක් දක්වන වෘත්තියකි. එහෙත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිලිබද පුලුල් දැනුමක් ලබා දෙන හා රැකියා අවස්ථාවකට පාර කියන පාඨමාලාවල අඩුව මෙරට තුල ඇති බරපතල ගැටලුවකි. එහෙත් එම අඩුව මකා දමමින් ජනමාධ්‍ය ක්ෂේත්‍රට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් කොලේජ් ඔෆ් මීඩියා ස්ටඩිස් ආයතනය විශේෂ පාඨමාලාවක් හදුන්වා දී තිබේ.

අලුත්ම පාඨමාලාව ලබන මාසය තුල ආරම්භ කිරීමට නියමිතය. මාස 04 ක පුහුණු කාලයෙන් පසුව මාධ්‍ය ආයතන තුල පුහුණුවට යොමු කරන සියලු දෙනාට, මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් ලැබෙන තුරු අවශ්‍ය මග පෙන්වීම ලබා දීම මෙම පාඨමාලාවේ විශේෂත්වයයි.

එමෙන්ම පාඨමාලා කාලය තුල පාර්ලිමේන්තුව, අධිකරණ්, පරිසර, දේශපාලන, විචිත්‍රාංග වැනි වාර්තාකරණය පිලිබද ඒ ඒ ක්ෂේත්‍ර තුලටම ගොස් පුළුල් අවබෝධයක් ලබා දෙන පරිදි පාඨමාලාව සම්පාදනය කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් විසින් දේශන හා ප්‍රායෝගික භාවිතාව පිලිබද අවබෝධය ලබා දෙන් මෙම විශේෂ පාඨමාලාව සදහා සිසුන් බදවා ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

සියලු සිසුන් බදවා ගැනෙන්නේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුවයි. එමෙන්ම පාඨමාලා කාලය තුල නිබන්ධන සැකසීම, කෙටි චිත්‍රපට නිෂ්පාදන, පිටපත් රචනය, නිවේදන අවස්ථා, ප්‍රවෘත්ති වාර්තාකරණය හා ප්‍රවෘත්ති පිලියෙල කිරීම වැනි කාරණා සමග ඔබට ප්‍රායෝගිකව සම්බන්ධ වීමටද සිදුවනු ඇත.

පරිපූර්ණ මාධ්‍යවේදියෙකු ලෙස ගොඩනැගීමට කැමති ඔබට මේ සදහා අයදුම් කල හැකිය.

කොලේජ් ඔෆ් මීඩියා ස්ටඩීස්, 48 A, පැපිලියාන පාර, නුගේගොඩ යන ලිපිනයට ඔබේ අයදුම්පත් යොමුකල හැකිය.

[email protected] යන විද්‍යුත් ලිපිනයටද,අයදුම්පත් යොමුකල හැකියි.

වැඩිදුර විස්තර 0768989757 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකි බවද කොලේජ් ඔෆ් මීඩියා ස්ටඩීස් ආයතනය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *