වාර්තාගත ලෙස 16 වන වසරටත් කොමර්ෂල් බැංකුව මෙරට ‘වඩාත්ම ගෞරවණීය බැංකුව’ බවට පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –LMD සඟරාව විසින් එළිදැක්වූ 2020 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන’ ලයිස්තුවට අනුව මෙරට ’වඩාත්ම ගෞරවණීය බැංකුව’ බවටත් ‘අවංකත්වය’ සහ ‘මූල්‍ය කාර්යසාධනය’ අතුරින් මෙරට සමස්ත ආයතනික අංශයේ පළමු ස්ථානයටත් පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු අංශයේ වඩාත්ම ගෞරවනීය ආයතනය ලෙස පිට පිටම වසර 16 ක් තේරීපත්වී ඇත. මීට අමතරව මෙම වර්ගීකරණයේ සමස්ත අංශයේ දෙවන ස්ථානයට 2020 වසරේදී බැංකුව තේරී ඇත. කොමර්ෂල් බැංකුව මෙම සමස්ත ලැයිස්තුවේ අංක 01 ට 2009 වසරේදී නම් කරන ලදි.

2020 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රශංසනීය ව්‍යාපාර 10LMD සඟරාව එළිදක්වා තිබෙන අතර එම ලැයිස්තුවට විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහ, පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන බහු ජාතික සමාගම් සහ ඇඟලූම් මෙන්ම විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගම් ඇතුළත් වේ.

‘මූල්‍ය කාර්යසාධනය සහ අවංකත්වය සඳහා අනිකුත් තරගකාරී ආයතන කොමර්ෂල් බැංකුව මිණුම් ලකුණක් ලෙස යොදා ගැනීමේ ගෞරවය බැංකුව සතු වෙනවා.’ යනුවෙන් මෙහිදී LMD සඟරාව සඳහන් කර තිබේ.

‘අවංකත්වය සහ මූල්‍ය කාර්යසාධනය යන ඉතාමත් වැදගත් සාධක දෙකට අනුව බැලූවිට පෙරමුණටම පැමිණෙමින් 16 වැනි වසරටත් මෙරට වඩාත්ම ගෞරවණීය බැංකුව බවට පත්වීම පිළිබඳ අපි අතිශය සතුටට පත්වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මේ ආකාරයෙන් දිගු කාලයක් ගෞරවණීය නාමය රැකගැනීමට හැකිවීම තුළින් සහතික කරන්නේ සියළු පාර්ශවයන්ගේ ඉහළම බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට බැංකුවට හැකිවී තිබෙන බවයි.’

LMDසඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන’ තෝරාගැනීමේදී කරුණු 10 ක් කෙරෙහි අවධානය යොමුකරන අතර මූල්‍ය කාර්ය සාධනය, අවංකත්වය, ගුණාත්මකභාවය, කළමනාකරණ කළඹ, ධෛර්යවන්තභාවය, ආයතනික සංස්කෘතිය, දැක්ම, නවෝත්පාදනය, ආයතනික සමාජ වගකීම සහ ජාතික හැඟීම එම කරුණු අතරට අයත් වේ. මෙම කරුණු 10 අතුරින් හතක් සඳහා කොමර්ෂල් බැංකුව මෙරට ආයතනික අංශයේ ප‍්‍රමුඛතම සමාගම් 05 අතර සිටින බව සඟරාව පවසයි.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *