විදෙස් රටවල් 10ක තානාපතිවරුන් යළි කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – විදෙස් රටවල් 10ක සිටින ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකයන් නැවත මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඒ ඒ රටවල සේවය කරන වයස අවුරු 60 සීමාව ඉක්මවා ගිය තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් මෙලෙස කැඳවීමට පියවර ගෙන තිබෙන බව විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පැවසුවාය.

නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය, කැනඩාව, ස්වීඩනය, ඊජිප්තුව, කියුබාව, නෙදර්ලන්තය න රටවල සිටින ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම තානාපති කාර්යාල ප්‍රධානීන් මෙලෙස විදේශ අමාත්‍යාංශය වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.

මේ සියලු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ වයස් සීමාව අවුරුදු 60 ඉක්මවා යාම හේතුවෙන් මෙලෙස කැඳවීමට පියවර ගෙන තිබෙන අතර ඔවුන්ගේ සේවය අවසන් කරන ලෙසට දැනුම් දී තිබෙන බවද විදේශ අමාත්‍යාංශය පවසයි.

මේ අතර හිටපු ඇමැතිවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් යෝජනා කර තිබෙන අතර ඊට අමතරව පුරප්පාඩු පවතින අනෙකුත් තානාපති සහ මහ කොමසාරිස්ධූර වෙනුවෙන් ඉදිරියේ දී සුදුස්සන් පත්කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *