කාලගුණයෙන් රතු නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) –තද වැසි සම්බන්දයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ඇතැම් ස්ථාවලට මිලි මිටර 150 ක පමණ වර්ෂාවක් හටගැනීමේ හැකියාවක් පවති.

අලුයම 4.30 වන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ති‍්‍රක්කයෙනි. ඒ මිලි මිටර 121 කි. ගාල්ල දිස්ති‍්‍රක්කයේ කහදූවෙන් මිලි මිටර 112 ක වර්ෂාපතනයක් වාර්තා විය. ඇත්කදුර ප‍්‍රදේශයේ වර්ෂාපතනය මිලිමිටර 105 කි. මට්ටක්කුලියෙන් මිලි මිටර 104 ක වර්ෂාපතනයක් වාර්තාවූ බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දැනට පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බවත් දෙපාර්තමේන්තුව සදහන් කළේය. දිවයින අභ්‍යන්තරයේ සුළගේ වේගය පැයට කිලෝ මිටර පනහක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේය.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මිටර 70 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවති. ධිවර හා නාවික ප‍්‍රජාව ඒ පිලිබද අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *