(කොළඹ, ලංකාපුවත්) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කිරිබත්ගොඩ පොලීසිය කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිස්වාන් නැමැත්තා අලුත්කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී හෙරොයින් ග්‍රෑම් 05 ක් ද සොයා ගෙන ඇතැයි සදහන් වේ. ආමි සම්පත් නැමැත්තා ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ මොහොමඩ් රිස්වාන් නැමැත්තාට එරෙහිව නඩු පවරා තිබේ.
හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය මීට පෙර අවස්ථාවකදී ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි. මොහු මේ වන විට ඇප මත මුදා හැර සිටි පුද්ගලයකි.