බේකරි හිමියන්ට අඩු මිලට බිත්තර

(කොළඹ, ලංකාපුවත්) –සියළුම බේකරි හිමියන්ට රුපියල් 16.50 ක මිලකට බිත්තර ලබාදීමට සමස්ත ලංකා බිත්තර හිමියන්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ.

අගමැතිවරයා සමඟ ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ ඇත.

එය ලබන අඟහරුවාදා සිට ක්‍රියාත්මකයි.

බිත්තර මිළ ඉහළ යාමත් සමඟ බේකරි හිමියන් තම නිෂ්පාදන සඳහා බිත්තර ආනයනය කිරිමට අවසර ලබා දෙන ලෙසට පසුගියදා රජයෙන් ඉල්ලීමක් ද කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *