රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මග නැගුම නිරීක්ෂණයක

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පෑලියගොඩ මග නැගුම, මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම නිරීක්ෂණයකිරීම අද(11) දින රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා විසින් සිදු කරනු ලැබීය.

කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ එහි ඉදිකිරීම්කටයුතු තුල විශාල වගකීමක් පැවරී ඇති මග නැගුම ආයතනය සිය ඉලක්කය සපුරාගැනීමට නම් නව ප්‍රතිසංවිධානයකින් යුතව ක්‍රියාත්මක විය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී අවධාරණය කළේය.

තමා මෙම තනතුර දරන්නේ තාවකාලිකව බවත් මෙම ආයතනයේ සේවය කරන ඉහල මට්ටමමේ සිට පහල මට්ටම දක්වා වූ සියළුම නිලධාරින් සාමූහිකව ඉලක්කයක් ඇතිව කටයුතු කර රටේ ජනතාවට ඉහළ සේවයක් ලබා දීමට කටයුතු කළ යුතුයි. මෙම ආයතනය සතු යන්ත්‍රෝපකරණ උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට යෙදවිය යුතු අතර මේ සෑම සම්පතක්ම ජනතාවට අයිති දේවල් බැවින් ඒවා නිසි නඩත්තු කටයුතු ඇතිව ජනතාවට උපරිම සේවයක් ලබා දීමට සේවයේ යෙදවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම විශාල ව්‍යාපෘතියක් බැවින් මෙය සාර්ථක ලෙසඉදිරි වසර පහක කාලය තුළ අවසන් කල යුතුයි. මෙම ව්‍යාපෘතිය ජනාධිපතිතුමා විසින් ජනතාවට ලබාදුන් පොරොන්දුවක්. එය සාර්ථක ලෙස ඉටු කිරීමට මාර්ග සංවර්ධනඅධිකාරිය සමග සහෝදරත්වයෙන් කටයුතු කරමින් ඉදිරියට ගමන් කල යුතු බව රාජ්‍යඅමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මග නැගුම ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කපුවත්ත ඇතුලු මග ආයතනයේ නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *