සංචාරක පුරවල සියලු පිවිසුම් මාර්ග හදන්න

(කොළඹ, ලංකාපුවත්) –දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ගයන් වැඩි දියුණු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යාංශවලට උපදෙස් ලබා දී ඇත.

දැනට සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග හා අබලන් තත්ත්වයේ පවතින සියලු මාර්ග මේ යටතේ අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා මේ තීරණයට එළඹ තිබේ.

මේ අවස්ථාව වන විටත් දේශීය සංචාරකයන්ද තම සංචාරක කටයුතු රට තුළ ආරම්භ කර ඇති පසුබිමක හා විදේශීය සංචාරකයන් අතර ශ්‍රී ලංකාව සංචාරය කිරීමට සුරක්ෂිත රටක් ලෙස අවධානය යොමුව ඇති බැවින් රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ද විශේෂයෙන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීම හා සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමේ පෙර සූදානමක් ලෙස මේ මාර්ග පිළිසකර කිරීම හා අලුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *