නව ජීවන රටාවක් උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රචාරාත්මක වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 වෛරසයෙන් රට ආරක්ෂා කර ගැනීමට නව ජීවන රටාවක් උදෙසා යන තේමාව යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රචාරාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවට දැනුම සහ උපදෙස් ලබාදීම වැඩසටහනේ ඉලක්කය වේ. ඒ සදහා මූල්‍ය දායකත්වය ඉටුකම අරමුදල මගින් සැපයෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මේ සඳහා දායකත්වය සපයනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *