ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 29කට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) –මාස හයකට ආසන්න කාලයක් තුළ පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අතරතුරදී ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ සාමාජිකයින් 29 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය බලධාරීන්ව උපුටා දක්වමින් හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

වෛරසය සම්බන්ධ සිදු කළ පරීක්‍ෂණවලදී මේ බව හෙලිව ඇත.

රටේ ඉහළම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මෝසම් සැසිවාරයේ ආරම්භක දිනයෙදී මේ බව හෙළිදරව් වී තිබේ.

මෙහිදී මන්ත්‍රීවරුන්ගෙන් 21 දෙනෙකු පහළ මන්ත්‍රණ සභාවට අයත් වන අතර සෙසු අට දෙනා ඉහළ මන්ත්‍රී මණ්ඩලයට අයත් බව සදහන්වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සැසිවාරය ආරම්භ වන දිනය වන සැප්තැම්බර් 13 වන දින සිට ආසාදිත තත්වයෙන් පසුවන බව වාර්තාවේ.

ඔක්තෝබර් මස 01 දක්වා සෑම දිනකම ලොක්‌ සභාව රැස්වනු ඇත.

බලධාරීන්ට අනුව, අවම වශයෙන් කොරෝනා වෛරසය වැළඳුනු නීති සම්පාදකයින් 17 දෙනෙකු පාලක භාරතීය ජනතා පක්ෂයට අයත් වන අතර තිදෙනෙක් කොන්ග්‍රසයට අයත් ය. මෙම ආසාදිත ලැයිස්තුවට ඉන්දීය දුම්රිය රාජ්‍ය අමාත්‍ය සුරේෂ් අංගඩි සහ දිල්ලියේ භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන මීනාක්ෂි ලේකි සහ ප්‍රවේෂ් වර්මා ඇතුළත් වේ. මේබව ඔවුන්ගේ ට්විටර් ගිණුම් වලද පළ කරන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *