චීන කොරෝනා එන්නත නොවැම්බර් මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – චීනය තුළ නිෂ්පාදනය කර සංවර්ධනය කෙරෙන කොරෝනා වෛරස් එන්නත නොවැම්බර් මාසය වනවිට ජනතාවට ලබාදීමට හැකිවනු ඇති බව එරට රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය පවසයි.

COVID-19 එන්නත් හතරක් සංවර්ධනය කර තිබෙන එම එන්නත් හතරම මේ වනවිට අවසන් අදියරේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව එම එන්නත් සායනික අත්හදා බැලීම්වල අවසාන අදියරේදී දැන් පවතී.

එයින් එන්නත් තුනක් දැනටමත් පරීක්ෂා කර බලා ඇතැයි සදහන් වේ. පසුගිය ජූලි මාසයේ ක්‍රියාත්මක කරන ලද හදිසි භාවිත කිරීමේ වැඩසටහනක් යටතේ අදාළ එන්නත් හතරෙන් තුනක් අත්‍යාවශ්‍ය සේවකයන් වෙත ලබා දී තිබේ.

මෙම එන්නත් නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී සාමාන්‍ය ජනතාව සඳහා සූදානම් කළ හැකි බව රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයේ ජෛව ආරක්ෂක විශේෂඥයකු වන ගුයිෂෙන් වූ එරට රාජ්‍ය රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *