සැලී නිසා අමෙරිකාවේ ලක්ෂ05කට අධික පිරිසක් අදුරේ

(කොළඹ, ලංකාපුවත්) – සැලී සුළි කුණාටුව සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අමෙරිකාවේ 550,000ක පිරිසකට විදුලිය විසන්ධි වී ඇත.

ඊයේ දිනයවන විට දෙවැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස සැලී සුළි කුණාටුව තරමක් දුර්වල වූ නමුත් තවදුරටත් පැයට කිලෝමීටර 169 ක වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා සහ ඇලබාමා ප්‍රාන්තවල ජලගැලීම්ද වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළි කුණාටුවත් සමඟ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිලිමීටර 762 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

සැලී යනු අත්ලාන්තික් සාගරයේ ඇති වූ කුණාටු කිහිපයකින් එකකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *