විදෙස් සංචාරකයින්ගේ දත්ත ඇතුලත් කිරීමට ජංගම යෙදුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ විදේශීය සංචාරකයින්ගේ ක්‍රියාකාරකම් වාර්තා කිරීම සඳහා ජංගම දුරකථන යෙදුමක්(Mobile app) නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ ජංගම යෙදුමේ අයදුම්පත මාර්ගගත සංක්‍රමණ පෝරමයට ඇතුළත් කරන බවත් මේ සම්බන්ධයෙන් යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්ය.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහේම එම ප්‍රදේශවල රැඳී සිටින සංචාරකයින් හා හෝටල් සම්බන්ධයෙන් දත්ත බෙදා හැරීම සඳහා ද මෙම ජංගම යෙදුම භාවිතා කරන බව ඇය පැවසුවාය.

නව ජංගම යෙදුම භාවිතයෙන් විවිධ තොරතුරු සොයා ගැනීම පහසු කරන බව ප්‍රනාන්දු මහත්මිය සදහන් කළාය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ ඒ සදහා නිශ්චිත දිනයක් මෙතෙක් තීරණය කර නොමැති බවත්, මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරී ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *