ඇමති දයාසිරි රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා පන්නල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ රාජ්‍ය සේවකයින් සෑම සිකුරාදා දිනකම දේශීය ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙසයි. අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඇඳිය යුතු ඇඳුම සම්බන්ධ නිර්දේශ ඉදිරියේදී දැනුම්වත් කරන බවයි.

එය නීතියක් නොවන බවත් දේශීය කර්මාන්ත නගා සිටුවීමට නම් දේශීය නිර්මාණ ගැන අගයක් තිබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

පන්නල පිහිටි ජනසළු ආයතනයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී දේශීය රෙදි පිළි නිෂ්පාදනයන්හි නිරත වී සිටින ව්‍යවසායකයන් තුළ යන්ත්‍රෝපකරණ,මෝස්තර,අමුද්‍රව්‍ය හා පුහුණු ශ්‍රමිකයන් තුළ පවතින ගැටලු හදුනාගත් මා ඒවා විධිමත් ලෙස විසඳමින් එම ක්ෂේත්‍රයට නව මුහුණුවරක් එක් කිරීමටත්, ඉහළ වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත් අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බව සදහන් කළේය.

දේශීය චින්තනයක් සහිතව සෞභාග්‍යමත් දැක්මකින් යුතු රටක් තැනීම උදෙසා නව සංකල්පයන් යටතේ ග්‍රාමීය ව්‍යවසායකයන් තුළ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමත්, බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් සඳහා ඉහළ වටිනාකමක් ලබා දීමත් කඩිනමින් සිදු කළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *