මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරටින් ඊයේ(22) තවත් කොරෝනා ආසාදිතයන් 13ක් හඳුනාගෙන ඇත.

ඉන් ආසාදිතයින් 07දෙනෙකු කුවේට් සිට පැමිණ ඇති අයවේ. එසේම තවත් ආසාදිතයින් දෙදෙනෙක් සෞදි අරාබියේ සිට පැමිණ ඇති අතර තවත් දෙදෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයවේ.

එමෙන්ම තවත් ආසාදිතයෙක් ඉන්දියානුවෙක් බවත් අනෙක් ආසාදිතයා කණ්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ සමීපතමයෙක් බවත් වාර්තා වේ.

ඒ අනුව සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,312 දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *