සඳ ගමනකට පළමුවරට කාන්තාවක් යැවීමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – 2024 වසරේදී චන්ද්‍රයා වෙත අභ්‍යවකාශගාමීන් රැගත් යානයක් යැවීමට අමෙරිකාවේ නාසා ආයතනය සැළසුම් කරමින් සිටියි.

ආටෙමිස් නමින් මෙම වැඩසටහන නම් කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. පළමු වරට සඳ ගමන සිදු වූයේ 1972 වසරේ දීය.

මෙවර සඳ ගමනට පිරිමි පුද්ගලයෙක් හා ස්ත්‍රියක් යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා ඩොලර් බිලියන 28 ක් වැයවේ යැයි අපේක්ෂා කෙරෙන අතර, ඉන් බිලියන 16 ක්ම වැයවනු ඇත්තේ චන්ද්‍ර ගවේෂණ යානය නිර්මාණය කිරීමට බව සදහන් වේ. මෙය ප්‍රබල රොකට්ටුවකින් දියත් කරනු ඇති බව ද සදහන්වේ.

නොවැම්බර් 03 වනදා ඇමරිකානු ජනපතිවරණයට පෙර චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘති සඳහා කොංග්‍රස් අනුමැතිය හිමිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *