ග්‍රාම නිලධාරින්ගේ කාලසටහන සඳහා විශේෂ චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) –ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී කටයුතු ඉටුකිරීම විධිමත් කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව ග්‍රාම නිලධාරින් සිය විවේක දින හැර දින 6ක් පැය 24 පුරා තම කොට්ඨාසය තුළ රාජකාරී ඉටුකිරීමට බැඳී සිටියි.

එසේම අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට 4.15 දක්වාත් සෙනසුරාදා දින මධ්‍යාහන 12.30 දක්වාත් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටිය යුතු වේ.

සඳුදා දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින 03න් එක් දිනයක් විවේක දිනය ලෙසද ඉතිරි දින 02 ක්ෂේත්‍ර රාජකාරී සඳහාද යොදා ගත යුතු බව එම චක්‍රලේඛයේ සදහන්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *