ශ්‍රී ලංකීක තරුණයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රි ලංකාවේ සංවර්ධනය සඳහා ජපානය ලබා දි ඇති අධාර හා අනුග්‍රහයන් සහ ශ්‍රි ලංකාවේ සංවර්ධන සඳහා ජපානයේ දායකත්වය පිළිබඳව ජපන් රජයට සහ ජපාන ජනතාවට ශ්‍රි ලංකික ජනතාවගේ ගෞරවණිය ස්තූතිය පළ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකාවේ ජපාන තනාපති අකිරා සුගියාමා මහතා ඊයේ(24) සිය අමාත්‍යාංශයේදි හමු වු අවස්ථාවේදිය.

එහිදි තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ, ලාංකීක පුහුණු ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක් ජපානය වෙත යැවීම සඳහා අවශ්‍ය ජපාන භාෂා, චාරිත්‍ර, සම්ප්‍රදායන් හා වෘත්තිය සංස්කෘතිය පිළිබඳ පුහුණු වැඩසටහන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සිය අමාත්‍යාංශය විසින් මේ වන විටත් පවත්වාගෙන යන බවත්, එසේ පුහුණුව සම්පුර්ණ කිරිමේන් පසු ජපානයේ හාම්පුතුන් විසින් තෝරාගන්නා ලද පුහුණු ශ්‍රමිකයන් රාශියක් ජපානයේ රැකියා සඳහා යාමට සුදානමින් සිටින බැවින්, ඔවුන් ජපානයට යැවිම සඳහා ඇති ප්‍රමාදයන් ඉවත් කොට කඩිනමින් ශ්‍රි ලංකාවේ ජපාන වීසා මධ්‍යස්ථානය ක්‍රියාත්මකවීම අරඹන ලෙස ඇමතිවරයා තානාපති වරයාගෙන් ඉල්ලා සිටියේය. මේ පිළිබඳ කරුණු සහ ශ්‍රි ලංකාව කොවිඩ් 19 වසංගතය ඉතා හොදින් පාලනය කිරිම පිළිබඳ ජපාන රජය වෙත කඩිනමින් කරුණු ඉදිරිපත් කර සාධනීය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජපාන තනාපති සුගියාමා මහතා මෙහිදී එකඟ විය.

ඉදිකිරිම්, කර්මාන්ත, විද්‍යුත් හා විදුලි නාවික, ගුවන්, කෘෂී ඇතුළු ජපානයේ වෘත්තීය ක්ෂේත්‍ර 14 ක පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානය වෘත්තීය අවස්ථා ඇති බවත්, ඒ සඳහා අසියාතික රටවල් ගණනාවකින් ශ්‍රමිකයන් පැමිණෙන බවත්, ඉදිරියෙදි ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයකට ජපානයට යාමට අවස්ථාව උදාකර ගැනීමට හැකි වන බවත් සුගියාමා මහතා මෙහිදි පැවසීය.එසේම දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ්‍රි ලංකාවට අධාර උපකාර කිරිමට ජපානයට අවස්ථාව ලැබීම සතුටක් බව ද තනාපතිතුමා පැවසීය. විශේෂයෙන් කොවිඩ් 19 වසංගතය නිසා ශ්‍රි ලංකාවේ ඇති වී තිබේන ආර්ථික අභියෝගයන්ට මුහුණ දිමට ජාපානය විසින් එවැනි අනුග්‍රහයක් ලබා දිම ශ්‍රි ලංකාව ඉහළින්ම අගය කරන බව අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බොහෝ රටවල් ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යැවීමේදි එම රටේ රැකියා එජන්තවරුන් මෙන්ම ශ්‍රමිකයා යන රටේ රැකියා එජන්තවරුන්ද විශාල මුදලක් ශ්‍රමිකයාගෙන් අයකර ගන්නා බවත්, මෙය අන්තර්ජාතික කම්කරු සංවිධානයේ පිළිගත් ප්‍රඥප්තීන්ට පවා විරුද්ධ බවය.එහෙත් ජපානයේ කිසිම රැකියා එජන්තවරයෙකු ශ්‍රමිකයාගෙන් එසේ මුදල් අය නොකිරිම ඉතාම පැසසිය යුතු කරුනක් බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.එසේම ජපානය සැම විදෙස් ශ්‍රමිකයෙකු වෙනුවෙන්ම රැකියා නියෝජිත හට මාසයකට යෙන් පන්දහසක මුදලක් ගෙවිම ඉතා අගය කරන බවත් මෙම ආදර්ශය විදෙස් ශ්‍රමිකයන් ඉල්ලා සිටන අනෙකුත් රටවල් විසින්ද පිළිපැදීමට දැන් කාලය එළඹ ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ජපාන තනාපති කාර්යාලයේ පළමු ලේකම් කායෝ ඉමාමුරා මහත්මියද, අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතාද එක් වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *