IPL සඳහා ඉන්දියාවට ආ හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස්, ඉන්දියාවේ මුම්බායි හිදී අභාවප්‍රාප්ත වී තිබේ.

59 හැවිරිදි ඔහු මිය ගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

ඩීන් ජෝන්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක් සහ එක්දින තරග 164ක් ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 3631ක් රැස් කිරීමට සමත්ව තිබේ.

ඩීන් ජෝන්ස් මියයන විට IPL ක්‍රිකට් තරගාවලියේ ස්ටාර් ස්පෝර්ට්ස් හි විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එමෙන්ම ඩීන් ජෝන්ස් එක්දින තරග වලදී ශතක 7ක් සහ අර්ධ ශතක 46ක් සමගින් ලකුණු 6068ක් වාර්තා කිරීමට සමත්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *