කොරෝනා ආසාදිත මරණ ලක්ෂ 10 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා ලොව පුරා රටවල් 213 කින් වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

වෛරසය ආසාදනය වී ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව තුන්කෝටි තිස්තුන් ලක්ෂය ඉක්මවා ඇත.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන රට අමෙරිකාව වන අතර එරටින් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑතුන්ලක්ෂ පනස්දහසකට ආසන්නවේ. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 209,453කි.

අසල්වැසි ඉන්දියාව තුළද වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ. මේ වන විට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හැටලක්ෂ හැත්තෑපන්දහසට ආසන්න අගයක් ගනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *