ට්‍රැෆික් ලයිට් ගැන අද විශේෂ සමීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –අද සිට මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් රථ වාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි.

මේ අතර මංතීරු නීතිය ක්‍රියාත්මක වන මාර්ගවල තදබදය අඩු කිරීමේ අරමුණින් ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක් ද අද සිදුකරන බව ඔහු කියා සිටියේය.

පසුගිය 14 වනදා සිට යළි ආරම්භ කළ මංතීරු නීතිය පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත්, කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4 ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *