කොවිඩ්-19 ට එරෙහිව සටන් කරන ආයතනවලට සියැට් වෙතින් රු. කෝටියක් වටිනා උපකරණ

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත තත්ත්වය ජයගනිමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටියදී තවදුරටත් මෙරට කොවිඞ්-19 වසංගතය පැතිරීම වැලැක්වීමට වෙහෙසෙන ප‍්‍රධාන රජයේ ආයතන කිහිපයකට අත්‍යවශ්‍ය උපකරණ තොගයක් සියැට් කැළණි සමාගම විසින් පරිත්‍යාග කර ඇත.

මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා විසින් මෙරට ප‍්‍රධාන ආයතන හයකට මෙම පරිත්‍යාග කළ අතර ඒ වෙනුවෙන් වැයකළ මුදල රුපියල් මිලියන 10 ඉක්මවා යන බව සමාගම සඳහන් කරයි. මෙම පරිත්‍යාගය සිදුකළ ආයතන හය අතරට ආසාදිත රෝග පිළිබඳ ජාතික ආයතනය, සෞඛ්‍ය අමාත්‍යංශය, ශ‍්‍රී ජයවර්ධනපුර රජයේ රෝහල සහ එහි පශ්චාත් වෛද්‍ය පුහුණු මධ්‍යස්ථානය, රිජ්වේ ආර්යා ළමා රෝහල, බදුල්ල රජයේ රෝහල සහ ශ‍්‍රී ලංකා පොලීසිය අයත් වේ.

මෙහිදී, සමාගම විසින් පරිත්‍යාග කළ උපකරණ අතරට ට‍්‍රාන්ස්පෝර්ට් වෙන්ටිලේටරයක්, ඉන්ෆියුෂන් පොම්ප දෙකක්, කන්ටිනුවස් පොසිටිව් එයාර්වේ ප්‍රෙෂර් (CPAP) යන්ත‍්‍රයක්, සක්ෂන් ඇපරටස් ඒකක දෙකක්, බෙඞ් පෑන් වොෂර් එකක්, රීයූසබල් සහ ඩිස්පෝසබල් පර්සනල් ප්‍රොටෙක්ෂන් (PPE) කට්ටල, රීයූසබල් පර්සනල් ප්‍රොටෙක්ෂන් ඕවරෝල්ස්, ෆේස් ෂීල්ඞ්ස්, පී.සී.ආර්. ටෙස්ට් කිට්, ආර්.එන්.ඒ. එක්ස්ට‍්‍රැක්ෂන් කිට් සහ වයිරල් ට‍්‍රාන්ස්පෝර්ට් මීඩියා ඇතුළත් වේ.

මීට අමතරව, සමාගම විසින් ආසාදිත රෝග ජාතික ආයතනයට සහයෝගය ලබාදෙමින් අලූත් වායු සමීකරණ ඒකකයක් සහ අලූත් සිවිලිමක් පරිත්‍යාග කළ අතර විදුලි පද්ධතියේ අලූත් වැඩියාවන් සිදුකල අතර ඊට අමතරව පොලීසිය සඳහා වියලි සලාක බෙදාහැරීමක්ද සිදුකරන ලදී.

මෙම පරිත්‍යාගයට අමතරව පසුගිය කාලයේදී සියැට් කැළණි සමාගම විසින් මහනුවර පල්ලෙකැලේ ප‍්‍රදේශයේ ඇඳන් 106 කින් යුතු යුධ හමුදා රෝහලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 02 ක ආධාර මුදලක් ලබාදී තිබේ.

‘මෙම වසංගතයට එරෙහිව පෙරමුණේ සිට සටන් කරන නිළධාරීන්ගේ අතිවිශිෂ්ට කැපවීම අපි අගය කරනවා. ඔවුන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඞ්ලානී මහතා සඳහන් කළේය. ‘ඊට අමතරව, සැලකිය යුතු ලෙස අපගේ නිෂ්පාදන කටයුතු වර්ධනය කරමින් මෙරටට විදේශ විනිමය ඉතිරි කරගැනීමටද අපි සහයෝගය දක්වනවා.’

මගී ජනතාවගේ සහ බස්රථ සේවක කාර්ය මණ්ඩලයේ සනීපාරක්ෂාව සහ සුරක්ෂිතභාවය රැකගැනීම සඳහා සහ ප‍්‍රධාන වෙළඳපොළ ස්ථානවල වෙසෙන ලොරි රථ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සහිතක කිරීමට පුද්ගලික ආරක්ෂිත සහ පිරිසිදුකාරක කට්ටල ලබාදීමේ වැඩසටහනක් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම 2020 ජුනි 01 වනදා දියත් කළේය. ඒ සමගම රටපුරා පිහිටි සමාගමේ වෙළඳ නියෝජිතයින්ගේ කාර්ය මණ්ඩලවල පීඩාවට පත්වූ සාමාජිකයින් වෙනුවෙන් වියලි සලාක ලබාදීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කරන ලදි.

මේ අනුව, පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට සහයෝගය ලබාදෙමින් කොළඹ දිස්ත‍්‍රික්කයේ බස්රථ 350 ක් සඳහා එහි ගමන් කරන මගීන්ගේ ප‍්‍රයෝජනය වෙනුවෙන් අත් සේදුම් කාරක ලබාදීමට සමාගම කටයුතු කළේය. සියැට් විසින් මාස තුනක කාලයක් සඳහා මෙම බස්රථ වලට අත් සේදුම් කාරක දියර පරිත්‍යාග කළ අතර මෙම බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා මාස තුනක කාලයක් පුද්ගලික ආරක්ෂිත කට්ටල ලබාදීමටද සමාගම කටයුතු කර ඇත. මෙම ආරක්ෂිත කට්ටලයක මුහුණු ආවරණ 06 ක්, අත් වැසුම් කට්ටල 06 ක් සහ පුද්ගලික අත් සේදුම්කාරක ඒකකයක් ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *