රත්මලානේ අංජුගේ සමීපතමයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) –විදෙස්ගතව සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ අංජු නැමැත්තාගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය පොළ අසලදීය.

ඔහු ලග තිබී හෙරොයින් ග‍්‍රෑම් 21කට වැඩි ප‍්‍රමාණයක් සොයාගැනීමට හැකිව ඇත. විමර්ෂණ සඳහා සැකකරු ගල්කිස්ස පොලිස් ස්ථානයට භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *