ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ව්‍යාජ ලෙස සකස් කළ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 39 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුදුම්බර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ(29) උඩුදුම්බර, නිසාරුව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. එහිදී වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී ජංගම දුරකථන 08ක්, පෙන් ඩ්‍රයිව් 02ක්, සීඩී තැටි 01ක්, පරිගණක හාඩ් ඩිස් එකක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කීරිමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *