බොලිවුඩ් තරු 04ක් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයට කැදවීමේ සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) –බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් හා රන්බීර් කපූර් ප්‍රශ්න කිරීමක් සදහා ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය වෙත ඉදිරි සතියේ කැදවීමට සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකර ගැනීමේ සිද්ධියට අදාළව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විමර්ශනයක් ද මේ වනවිට සිදුකෙරේ. ඊට අදාළව දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන් හා ශ්‍රද්ධා කපූර් යන රංගන ශිල්පිනියන්ගෙන් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ශාරුක් ඛාන් හා රන්බීර් කපූර්ට අමතරව අර්ජුන් රාම්පාල් හා ඩීනෝ මොරයා ද මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය වෙත කැදවීමට නියමිත බව සදහන් වේ.

කෙසේ නමුත් තමාට එරෙහිව එල්ලකර ඇති චෝදනාව සම්පූර්ණ අසත්‍ය හා කිසිදු පදනමකින් තොර බව ශාරුක් ඛාන් සදහන් කර ඇත. ඒ පිළිබද අවශ්‍ය නීතිමය පියවර ද ගන්නා බව ඔහු නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *