මිලදීගත යුතු දුරකථන ගැන TRC වෙතින් දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) –සිය ආයතනයේ ලියාපදිංචි නොකරන ජංගම දුරකථන ඉදිරියේදී කිසිදු ජාලයක් හරහා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වන බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා කියා සිටියේ මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ මෙම කි‍්‍රයාවලිය මගින් අපේක්ෂා කෙරෙන්නේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම බවයි.

යම් අයෙකු විදේශගතව සිට පැමිණෙන විට පෞද්ගලිකව රැගෙන එන ජංගම දුරකථන ඔන්ලයින් ක‍්‍රමයට ලියාපදිංචි කිරීමේ පහසුකම් ලබන සතිය වනවිට කි‍්‍රයාත්මක කරන බව ද විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *