පාසල් දරුවන්ට මැටිවලින් නිර්මාණය කළ කැට

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ළමා දිනය පාදක කර ගනිමින් පාසල් දරුවන්ට මැටි වලින් නිර්මාණය කළ කැට පරිත්‍යාග කිරීම වැඩසටහනක් ආරම්භ කෙරේ.

එම වැඩසටහන කොළඹ මහානාම විද්‍යාලයෙන් අද(02) ආරම්භ විය. ඒ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආනයනික ප්ලාස්ටික් කැට වෙනුවට අපේ දරුවන්ට අපේම වැඩිහිටියන් අතින් නිර්මාණය කෙරුණු කැටයක් ලබා දීම අපේක්ෂාව වේ.

සකසුරුවම මෙන්ම අපේ දේ අගයන පරපුරක් නිර්මාණය කිරීමට ඇති හොදමතැන පන්ති කාමරයයි. ඒ අනුව දිවයිනේ සියලුම පාසල් දරුවන්ට මේ හුරුව ඇතිකිරීමට ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *