සියලු රජයේ නිෂ්පාදන අලෙවිසැල් එකම ස්ථානයකට

(කොළඹ, ලංකාපුවත්) – සියලු රජයේ නිෂ්පාදන ආයතනවල අලෙවිෙසැල් එකම ස්ථානයක පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ , මේ තුළින් රාජ්‍ය ආයතන සියල්ලේම නිෂ්පාදන එකම ස්ථානයකින් මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවන බවයි.

ඒ අනුව එහි පළමු මධ්‍යස්ථානය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුවන බව ද ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *