(කොළඹ, ලංකාපුවත්) –ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය පනවා තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන ඇති බවයි.
මේ අනුව බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇත.
ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.