සේරුවිල විලේ ඓතිහාසික පාරිසරික සහ ස්ථානීය වැදගත්කම ගැන සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – සේරුවිල විලේ ඓතිහාසික පාරිසරික සහ ස්ථානීය වැදගත්කමත් එහි වර්ථමානයේ පැන නැගි ඇති අවධානම් සහගත තත්වයන් හදුනා ගැනීම ඇතුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගියදා 02) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සේරුවිල විල්ගම් වෙහෙර රජමහා විහාරයේ දි පැවැත්විණි.

විල්ගම් වෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි නායක හිමියන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව සංවිධානය කළ මෙම සාකච්ඡාව සදහා ඊට අදාළ සියළු රාජ්‍ය නිළධාරින්, ගොවි සමිති නායකයන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

එහිදි විශේෂයෙන්ම සේරුවිල විලේ සීමාවන් හදුනා ගෙන එය යළි මැනුම් ගත කිරීම සහ එකි සීමාවන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර විලට නෛතික රැකවරණය සැලසිම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කළහ. එහිදී චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතාට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් වරයාට නියෝග කළේ මෙම කටයුතු කඩිනම් කරන ලෙසය.

ඊට අමතරව ප්‍රදේශයේ ගොවි සංවිධාන වල ගැටළු, කන්තලේ ජලාශයේ ජල ධාරිතාව වැඩි කර ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග, අලි වැට ඉදිකිරිම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහිම මෙහිදි අවධානය යොමු වුහ. මේ අතර ත්‍රිකුණමෙල දිස්ත්‍රික්කයට අයත් වැව් සියල්ල “ වාරි සෞභාග්‍යා වැඩසටහන” යටතේ ප්‍රතිසංස්කරණය කරන වැව් 5000 ව්‍යාපෘතියට එක් කරන බවද චමල් රාජපක්ෂ ඇමතිවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *