රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි දරුවෙකුට සහ තවත් නේවාසික දරුවෙකුගේ පියෙකුට වෛරසය වැළදී ඇති බව එම රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කරයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි දරුවෙකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ. එසේම තම දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් නුවර ප්‍රදේශයේ සිට පැමිණ කොළොන්නාව ප්‍රදේශයේ නැවතී සිටින පියෙකුට ද වයිරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසයි. කෙසේ වෙතත් එම රෝගී දරුවාට සහ මවට රෝගය වැළදී නැති බව තහවුරු වී ඇත.

රෝගය වැළදී ඇති දරුවා අයිඩීඑච් රෝහලට යොමු කර තිබේ. මෙහිදී රෝහල් කාර්යමණ්ඩලය නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ බැවින් ඔවුන්ට අවදානමක් නොමැති වුවද මෙම තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *