ඩිලන්තට ස්පාඤ්ඤයේ දී ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ස්පාඤ්ඤයේ පසුගියදා(11) පැවැති ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ ශූරතාවයේ දෙවන තරගයේදී දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන රථ ක්‍රීඩක ඩිලන්ත මාලගමුව සමත් වෙයි.

ෆේස්බුක් සටහනක් තබමින් ඔහු විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට විශේෂ ස්තුතියක් පළ කර ඇත. එසේම ආශිර්වාද එක්කළ සියලු ශ්‍රී ලාංකිකයින්ට ද කෘතඥතාව පළ කර තිබේ.

මෙම තරගාවලියට සහභාගී වීමට මාලගමුවට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු අතර එය වසර 36ක් පමණ වූ ඔහුගේ වෘත්තිමය දිවියේ දී රාජ්‍ය අනුග්‍රහය ඇතිව සහභාගී වූ පළමු මෝටර්රථ ධාවන තරගාවලිය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *