දැඩි සෞඛ්‍ය රැකවල් මත උසස් පෙළ විභාගය අද ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් නයින්ටීන් පාලනය කිරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (12) ආරම්භවේ.

විභාගය අද දිනයේ සිට නොවැම්බර් මස 06 වන දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී පැවැත්වේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් 12ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

ඒ අනුව බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලය, මිරිස්වත්ත කැප්පෙටිපොල මහ විද්‍යාලය, කිරිඳිවැල මහ විද්‍යාලය, වැලිවේරිය මද්දුම බණ්ඩාර විද්‍යාලය, දොම්පේ සියනෑ ජාතික පාසල, නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය යන පාසල් මෙලෙස විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර තිබේ.

මීට අමතරව කල්එළිය සිරි විද්‍යා කීර්ති කණිෂ්ට විද්‍යාලය, කොටුගොඩ රාහුල විද්‍යාලය, දිවුලපිටිය දූනගහ රණසිංහ මහ විද්‍යාලය, මූකලන්ගමුව බණ්ඩාරනායක මහ විද්‍යාලය, දෙහියාගාත හෝලී රොසරි විද්‍යාලය සහ කිරිල්ලවල මධ්‍ය මහා විද්යා‍ලය මෙලෙස නම් කර ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *