රකුටෙන් වයිබර් තම My Notes විශේෂාංගයට reminders එක්කරයි

(කොළඹ, ලංකාපුවත්) –ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තම පරිශීලකයින් My Notes විශේෂාංගයට එක්කරන එදිනෙදා කාර්යයන් හා වෙනත් වැදගත් කටයුතු පිළිබඳ සිහිගැන්වීමේ සංඥා (Reminders) හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. මේ සමඟ සියලු පණිවුඩ හා සිහිගැන්වීමේ සංඥා සියල්ල එකම ඇප් එකක පවත්වාගනිමින්, සිය පෞද්ගලිකතාව ආරක්ෂා කරගැනීමට ද වයිබර් පරිශීලකයින්ට අවස්ථාව උදා වී තිබේ.

කාර්යබහුලත්වයත්, විශේෂයෙන් ම ගෝලීය වසංගතය නිසා මතුවූ අභියෝගත් හේතුවෙන් අපි එදිනෙදා කරන කාර්යයන් හා ඒ පිළිබඳ සිහිගැන්වීමේ සංඥා ලබාගැනීම අත්‍යවශයතාවක් බවට පත්ව තිබේ. විශේෂයෙන් ම උපන්දින, දුරස්ථ විභාග සහ සමූහ ඇමතුම් ආදිය මතක තබාගැනීම සඳහා එවැනි සිහිගැන්වීමේ සංඥා පැවැතීම ඉතාම ප්‍රයෝජනවත් ය. My Notes විශේෂාංගය යටතේ එවැනි සිහිගැන්වීමේ සංඥා හඳුන්වාදීමත් සමඟ තම හිත මිතුරන් හා පවුලේ සාමාජිකයින් සමඟ සන්නිවේදන කටයුතු සිදුකරන වයිබර් ඇප් මෘදුකාංගය හරහා තම එදිනෙදා කටයුතු මනාව සැලසුම් කරගැනීමේ අවස්ථාව ද හිමිව තිබේ.

My Notes හි ගබඩා කර ඇති ඕනෑම පණිවුඩයකට දිගු ස්පර්ශයක් ලබාදීමෙන් පසු මතුවන ‘Set Reminder’ බොත්තම එබීමෙන් පසු එසේ සිහිගැන්වීමේ සංඥාවක් එක්කිරීමේ අවස්ථාව උදා වේ. එහිදී සිහිගැන්වීමට සුදුසු දිනය හා වේලාව තෝරාගත හැකි අතර එය නැවත නැවත ක්‍රියාත්මක විය යුතු ද යන්න පවා තීරණය කළ හැක. එසේ සකසන ලද සිහිගැන්වීමේ සංඥා අදාළ වේලාවේදී දුරකථන තිරය මත දිස්වෙමින් සංඥාවක් නිකුත් කරනු ලබයි. මීට අමතරව වයිබර්හි My Notes විශේෂාංගය තුළ අඩංගු තවත් පහසුකම් රැසකි. එදිනෙදා කටයුතු, සිදුවීම් හෝ අරමුණු ආදිය සටහන් කළ හැකිවීම, යම් කාර්යයක් අවසන් කළ පසු ඒ බව විශේෂයෙන් දැක්වීමේ හැකියාව, වෙනත් චැට් සංවාදවල ඇති පණිඩුව My Notes වෙත යැවිය හැකිවීම (එහිදී කුමන චැට් සංවාදයකින් එම පණිවුඩ ලබාගත්තේ ද යන්න දැක්වෙන නිසා සෑමවිටම අදාළ සිදුවීම පිළිබඳ පරිශීලකයාට අවබෝධයක් පවතී) ආදිය එවැනි පහසුකම් කිහිපයකි.

“අපේ පරිශීලකයින් තම තමන්ගේ ජීවිතවල පාලනය නිසි පරිදි පවත්වාගැනීමේ අවශ්‍යතාව අපි හඳුනාගෙන තිබෙනවා. එවන් පසුබිමක මෙම නවතම පහසුකම එළිදැක්වීමට හැකිවීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඒ හරහා ඔවුන්ට තම කෙටි පණිවුඩ හා සිහිගැන්වීමේ සංඥා ආදිය සියල්ල එක් තැනකට ගොනු කරගැනීමේ හැකියාව ලැබෙනවා. අනෙක් අතට වයිබර් භාවිතයට පහසු සහ පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයට වැඩි වටිනාකමක් ලබාදෙන ඇප් මෘදුකාංගයක් වීමත් ඔවුන්ට ලැබෙන පහසුවක්” යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන වර්ධක නිලධාරී ඇනා නැමෙන්ස්කයාල් මහත්මිය පැවසුවාය.

Rakuten Viber පිළිබඳව:

රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය. මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.

Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ. ඔබත් මෙතෙක් වයිබර් සමඟ එක් වී නොමැති නම් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *