මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1,789 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගොස් තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (15) දිනයේ වාර්තා වු නව ආසාදිතයින් 68 දෙනාත් සමග මෙම අගය ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් 68 දෙනාගෙන් 22 කු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් වන අතර අනෙක් 46 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව හමුදාපතිවරයා සදහන් කළේය.

“ මේ අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් 36 දෙනෙකුත්, ගම්පහ ප්‍රදේශයෙන් 14 දෙනෙකුත්, කටුනායක ප්‍රදේශයෙන් 9 දෙනෙකුත් විශේෂයෙන්ම වාර්තා වෙනවා. ඊට අමතරව සේනපුර, වත්තල කියන ප්‍රදේශවලින් එක්කෙනා බැගිනුත් කඳානෙන් තිදෙනෙකුත් කිරිඳිවැලින් හා කොළඹින් දෙදෙනෙකුත් ආදි වශයෙන් තමයි මේ හැට 8 දෙනා වාර්තා වෙන්නේ ඊයේ දිනයේ දී.“ යනුවෙන්ද හමුදාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *