මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,162ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – නව කොරෝනා ආසාදිතයන් 87ක් ඊයේ (19) දිනයේ වාර්තා වීමත් සමඟ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,162ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයන් 47 දෙනාගෙන් 4 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර සෙසු 43 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් වන බව හමුදාපතිවරයා පැවසීය.

ගම්පහ නගරයේ උසස්පෙළ විභාගය පැවැත්වෙන පාසලක සිසුවියකට, ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවකයෙකුට හා කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයන් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන තිබේ.

එම සිසුවිය විභාගයට පෙනී සිටී ශාලාවේ සිටී සිසුවියන් 160 දෙනෙකු වෙනුවෙන් විශේෂ ශාලාවක ඊයේ (19) සිට විභාගයට පෙනී සිටීමට ලබාදීමට අධ්‍යාපන බලධාරීන් පියවර තිබේ.

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කම්හලට නුදුරු ප්‍රදේශයක පදිංචි මෙම සිසුවියට ඇතිවූ රෝග තත්ත්වයක් මත පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහි වාර්තාව අනුව ඇය කොවිඩ් – 19 ආසාදිත බව තහවුරු වී තිබිණි.

පසුව සෞඛ්‍ය අංශ මගින් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගැනීමෙන් පසු සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාවේ සිටි සිසුවියන් වෙනුවෙන් මෙලෙස වෙනත් විභාග මධ්‍යස්ථානයක් ලබා දීමට පියවර ගනු ලැබූ බව ගම්පහ කලාපය බාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ .මල්ලවආරච්චි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *