නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නෙ මහතා දන්වා සිටී.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් යම් පුරවැසියකු තම යෝජනා, මත හෝ අදහස් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එම යෝජනා, මත හෝ අදහස් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන කවර හෝ භාෂා මාධ්‍යකින් 2020 නොවැම්බර් 30 වන දිනට හෝ එදිනට පෙර ලේකම්, විශේෂඥ කමිටුව, අංක 32, පරිශ්‍ර අංක 02, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ

[email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇත.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ www.moj.gov.lk නිල වෙබ් අඩවියෙන් හෝ 2020.10.20 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ලබාගත හැකි බව අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *