(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය වැළඳුන තවත් ආසාදිතයන් 280ක් හඳුනා ගෙන ඇත.
ඉන් 15 දෙනෙක් නිරෝධායනය වන බ්රැන්ඩික්ස් කාර්ය මණ්ඩලය හෝ ආශ්රිතයන් වන අතර 265ක් බ්රැන්ඩික්ස් කොරෝනා පොකුරේ හා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්රිතයන් වේ.
ඒ අනුව, මෙරට දෙවන කොරෝනා රැල්ලෙන් හඳුනා ගත් සමස්ත ආසාදිතයන් ගණන 4,678 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 8,152 දක්වා ඉහල යයි.