(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබේ.
ආසියානු රටවල් හතරක සංචාරයක් අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ එරට ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්ප(ර්) මහතා ඊයේ (26) ඉන්දියාවට පැමිණ තිබුණි.
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ මෙරට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව ය.
පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් ආර්. තොම්සන් මීට පෙර කියා සිටියේ දෙරටේ ශක්තිමත්, ස්වාධීන සහ ප්‍රජාතන්ත්‍රවාදීභාවය මෙහිදී සාකච්ඡාවන බවත් දෙරට අතර බහුවිධ සම්බන්ධතාවයේ අංශ කිහිපයක් සාකච්ඡා කෙරෙන බවත් ය.